
(නිමල කොඩිතුවක්කු)
වැන් හයි නෞකා ජාලයට අයත් වැන් හයි ඒ 10 නෞකාව අද (17) දින සිය ප්‍රථම ආගමනය සමගින් කොළඹ වරායට සේන්දු විය.
අග්නිදිග ආසියානු කලාපයේ සිට ඇමෙරිකා එක්සත් ජනපදය වෙත සෘජු සේවා සැපයීම වෙනුවෙන් ආරම්භ වූ නව සේවාවක් වන මෙම නෞකාව බහලු 14000කින් සමන්විත වේ.
වැන් හයි ඒ 10 නෞකාව සිංගප්පූරු ධජය යටතේ ලියාපදිංචිව යාත්‍රා කරන අතර, දිග මීටර් 335 ක් සහ පළල මීටර් 51කින් යුක්ත නෞකාවේ ගැඹුර මීටර් 14.4කි.
වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කොළඹ වරායේ ජාත්යාන්තර බහලු පර්යන්තය වෙත පැමිණි වැන් හයි ඒ 10 නෞකාව පිළිගනු ලැබීය.
කොළඹ වරායේ සැළසුම් සහගත කෙටිකාලීන හා දිගුකාලීන සංවර්ධන උපාය මාර්ගයන් හේතුවෙන් කොළඹ වරාය වෙත නව නෞකා සේවාවන් ආකර්ෂණය වෙමින් පවතින බව එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

