2019 වසරේදී ජාත්‍යන්තර සිනමා හා රූපවාහිනී සම්මාන උළෙලවලදී විශේෂ සම්මානයට පාත්‍ර වූ මෙරට සිනමාවේදීන් හා රූපවාහීනි නිර්මාණකරුවන් අගැයීමට ලක් කරමින් ඔවුන්ගේ ඉදිරි කලා කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රදානයක් සිදුකිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි.
මෙහිදී ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ නීටා ප්‍රනාන්දු, නිල්මිණි සිගේරා, කුමාර කරව්දෙනිය, ශිරාන් රත්නායක, රංග බණ්ඩාරනායක, අතුල පීරිස්, නිශාදි බණ්ඩාරනායක යන සිනමා හා රූපවාහිනී කලාකරුවන් මෙහිදී ජනාධිපතිතුමා අතින් මුදල් ත්‍යාග හිමිකර ගත්හ. මේ ඔවුන් ජනාධිපතිතුමන් සමඟ සමූහ ජායාරූපයට පෙනී සිටි අයුරු.


