
(අංජුල මහික වීරරත්න)
මෙරට විශාලම ජායාරූපකරණ උපාංග වෙළෙඳ ප්‍රදර්ශනය වන Sony Alpha Festival 2025 නැරඹීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගී විය.
මෙම ප්‍රදර්ශනය ඊයේ (31) ආරම්භ කරන ලද අතර හෙට( 2) පෙරවරු 10 සිට පස්වරු 7 දක්වා කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දි පැවැත්වේ.
CameraLK විසින් සංවිධානය කරන මෙම වෙළෙඳ ප්‍රදර්ශණය සදහා ඇතුළුවීම සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර නවතම කැමරා උපකරණ,කැමරා උපකරණ සඳහා විශේෂ වට්ටම්,ඡායාරූප වැඩමුළු සහ තවත් විශේෂාංග රැසකින් සමන්විත වේ.
මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කීවේ
ඡායාරූපකරණය සහ වීඩියෝකරණයට ප්‍රියකරන සියලු දෙනාගේම දැනුම වර්ධනය කර ගැනීම සදහා බෙහෙවින් ඉවහල්වන බවයි.

