ලෙඩ වූ දුම්රිය රියදුරෝ එති


(යොහාන් භාසුර)

දුම්රිය රියදුරු උසස්වීම් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් හේතුවෙන් දුම්රිය රියදුරන් ලෙඩ නිවාඩු දමා ඇති බවත් ඔවුන් මේ වන විට සේවයට වාර්තා කරමින් සිටින බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම තත්වය හේතුවෙන් දුම්රිය කීපයක් පමණක් අවලංගු කළ බව කී එම නිලධාරියා කැලණිවැලි මාර්ගයේ පමණක් දුම්රිය ප්‍රමාදයක් ඇතිවිය හැකි බව ද සඳහන් කළේය.