ලිසිං


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සංචාරක සේවා සපයන්නන් බැංකු හා මූල්‍ය ආයතන ආයතනවලින් ලබාගෙන ඇති ණය හා ලීසිං පහසුකම් සඳහා ණය හා පොලී වාරික නොගෙවා  සිටීම සඳහා ලබන වසරේ අවසානය දක්වා සහන කාලයක් ලබා දෙන්නැයි  ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද(8) රජයෙන් ඉල්ලීමක් කළේය.

එසේම සංචාරක සේවා සපයන්නන් දිරිගැන්වීම සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇතුළු විධිමත් සමාජ ආරක්ෂණ ක්‍රම වේදයක් සකස් කරන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

ඔහු මෙසේ ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2)යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.