ලිට්‍රෝ ගෑස් මිල හෙට අඩු වෙයි


(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් මිල හෙට (5) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව එම ගෑස් සමාගමේ උසස් නිළධාරියෙක් 'ලංකාදීප'යට පැවැසීය.

එහිදී කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 ත් 300 ත් අතර මිලකින් අද කිරීමට බලාපොරොත්තු වන බවත් එම නිශ්චිත මිල හෙට පෙරවරුවේ ප්‍රකාශ කිරීමට නියමිත බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.