ලිට්‍රෝ කොටස් විකිණීම ගැන ලොකු දැනුමක් නෑ


(යොහාන් භාසුර)

ලිට්‍රෝ සමාගමේ රජය සතු කොටස් විකිණීම සම්බන්ධයෙන් රජයේ තීන්දු තීරණ ඉදිරියට ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව විශාල දැනුමක් නොමැති බවත් රජය ඒ සම්බන්ධයෙන් අවශ්‍ය අවස්ථාවේදී නිසි පියවර ගනු ඇතැයි විශ්වාස කරන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (4) පැවසීය.

ලිට්‍රෝ සමාගමේ ප්‍රධාන අයිතිකාර සමාගම ලෙස ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව පෙනී සිටින අතරම රක්‍ෂණ සංස්ථාවේ ප්‍රධාන අයිතිකරු ලෙස මහා භාණ්ඩාගාරය පෙනී සිටින බව කී පීරිස් මහතා රක්‍ෂණ සංස්ථාව මෙන්ම ලිට්‍රෝ සමාගමටත් සෘජුව මහා භාණ්ඩාගාරය සහ මුදල් අමාත්‍යංශයට වගකීම ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් කීය. 

(ජයාරුප: ජයමාල් චන්ද්‍රසිරි)