
(රේඛා තරංගනී ෆොන්සේකා)
ලොව පුරා ඇතිවන ලැව් ගිනි නිවන ගුවන් ගිනි රථ තුනක් අද (17) රත්මලාන තොටුපලට පැමිණ තිබිණි.
ඕස්ට්‍රේලියාවේ සිට ගමන් අරඹන මෙම ගුවන් යානා සේවා පහසුකම් ලබා ගැනීම සඳහා මෙසේ රත්මලාන ගුවන් තොටුපොළට පැමිණෙන අතර යුරෝපා රටවල්වල ඇති වන්නා වූ ලැව්ගිනි නිවා දැමීමට ජලය රැගෙන යෑම මෙහි විශේෂත්වයකි.
Fireboss 208 Airtractors මෙවැනි ගුවන් රථ රත්මලාන ගුවන් තොටුපළෙන් සේවා පහසුකම් ලබා ගැනීම හේතුවෙන් මාසික ආදායම ඉහල යන බව එහි කළමනාකරු අරුණ රාජපක්ෂ මහතා පැවසීය.
එහිදී අප වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ රත්මලාන ගුවන් තොටුපලේ අභ්‍යන්තර ගුවන් සේවා සහ ජාත්‍යන්තර ගුවන් සේවා මේ වන විට කොවිඩ් වාතාවරණයෙන් පසුව ඉතා හොඳ අතට හැරෙමින් පවතින බවය.
වර්තමානයේ තත්වය සලකා බැලීමේදී ගුවන් යානා නැවතුම් ස්ථාන දේශීය සමාගම්වලට ලබාදීම තුළින් ද සැලකිය යුතු ආදායමක් ඉපයිමට හැකියාව ලැබී ඇතැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.



