ලාභ ගන්න සැඟවූ ගෑස් සිලින්ඩර් 1875 එළියට


(අජිත්ලාල් ශාන්තඋදය)

මිල වැඩි වීමෙන් පසුව අලෙවි කිරිම සඳහා සඟවා තැබු බවට සැකකරන කිලෝග‍්‍රෑම් 12.5 ලිට්‍රෝ වර්ගයේ ගෑස් සිලින්ඩර් 1875ක් කුරුවිට නාලන්ද එල්ලාවල කර්මානතපුරයේ ගෑස් අලෙවි නියෝජිත සමාගමක ගබඩාවක තිබී 16 දා දහවල් පාරිභෝගික අධිකාරියේ රත්නපුර කාර්යාලයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එම ගෑස් සිලින්ඩර් සඟවා තිබූ සමාගමේ හවුල්කරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන බැඳුම්කර මත මුදාහරනු ලැබීය. ඔවුන්ට විරුද්ධව ගෑස් විකිණීම ප‍්‍රතික්‍ෂේප කිරිම, තොග සඟවාගෙන ළඟ තබා ගැනීම යන චෝදනා යටතේ නඩු පැවරීමට පාරිභොගික අධිකාරිය පියවර ගනු ලැබීය.

මේ දිනවල රත්නපුර ප‍්‍රදේශයේ කිලෝ ග‍්‍රෑම් 12.5 ලිත්‍රෝ ගෑස් සිලින්ඩර් වල හිඟයක් පවතී. එහෙත් වෙළඟපොලේ ලීටර් 18 ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් විකිණීමට ඇති බවද වැටලිමට එක්වූ නිලධාරිහු කීහ.