ලාංකික ශ්‍රමිකයන්ට ඕමාන් තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වෙන්න අංකයක්


(මනෝජ් හර්ෂික)

ඕමාන් රාජ්‍යයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන්ට ඕමාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා සම්බන්ධවීම සඳහා ගාස්තු රහිත දුරකතන සබඳතාවක් හඳුන්වා දී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ඕමානයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට තම සේවා ස්ථානයේ පැන නගින ගැටළු සම්බන්ධයෙන් වන පැමිණිලි ඕනෑම අවස්ථාවකදී යොමු කිරීම පිළිබඳව අවධානය යොමු කරමින් මෙම අංකය හඳුන්වා දී තිබේ.

ඒ අනුව 80007877 යන දුරකතන අංකයට ලබාගන්නා ඇමතුම් සඳහා එම පහසුකම හිමි වන බව කාර්යංශය කියයි.