
(සුජිත් හේවාජුලිගේ)
මාධ්‍යවේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සහ මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීම සම්බන්ධයෙන් කරන ලද විමර්ශන අවසන් කර ඇති බව මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේය.
එම විමර්ශන ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවත් ඒ අනුව වගකිවයුත්තන්ට එරෙහිව අධිචෝදනා ගොනුකිරීමට කටයුතු කෙරෙනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම සම්බන්ධ නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණයක් හමුවේ විභාග වෙමින් පවතින බවත්, එම නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට චෝදනා ලැබූ බ්‍රිගේඩියර්වරයකු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇති බවත් ඔහු කීය

