(මනෝප‍්‍රිය ගුණසේකර)
මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, රගර් කී‍්‍රඩක වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු ආන්දෝලනාත්මක ඝාතන හතරකට අදාළව සිදුකළ විමර්ශනවල උද්ධෘත ගොනු වහාම තමන්ට එවන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පොලිස් බලධාරීන්ට නියම කර ඇත.
පසුගිය කාලයේ මහජන කැළඹීමට තුඩු දුන් මෙම ඝාතන සිද්ධීන්ට අදාළ විමර්ශනවල අනිසි ප‍්‍රමාදයක් ඇති බව නීරීක්‍ෂණය කළ නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා එලෙස නියම කළ බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය දැනුම් දුන්නාය.
වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතාට අමතරව විමර්ශනවල උද්ධෘත ගොනු වහාම එවන ලෙස නීතිපතිවරයා විසින් නියම කර ඇත්තේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර යන මහත්වරුන්ටය.

