ලයිට් බිලේ වෙනසක් නොවේ


(යොහාන් භාසුර)

විදුලි ගාස්තුව දැනට පවතින ප්‍රමාණයේම තවදුරටත් පවත්වාගෙන යාමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කළ බව එම කොමිසමේ  සභාපති මහචාර්ය කේ.පී.එල්. චන්ද්‍රලාල් මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.

මහජන උපයෝගිතා කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේ දැන් පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවේදී එම කොමිසමේ  සභාපති මහචාර්ය කේ.පී.එල්.චන්ද්‍රලාල් මහතා එසේ පැවසීය.

ඒ අනුව ලබන ජනවාරි මස දක්වා දැනට පවතින විදුලි ගාස්තුවම පවතින බවත් විදුලි ගාස්තුව පිළිබඳව ජනවාරි මස නැවත සලකා බලන බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.