
(සුජිත් හේවාජුලිගේ)
කොවිඩ් අවදානම හේතුවෙන් ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් බොහෝදුරට දින දෙකකට සීමා වනු ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසේ .
මේ අනුව එම රැස්වීම් ලබන 22 සහ 23 යන දෙදිනේදී බොහෝ දුරට පැවැත්වෙනු ඇත .
ලබන 24 වැනිදාට පොසොන් පොහොය දිනය යෙදී ඇති හෙයින් එම දිනය ද මෙහිදී සැළකිල්ලට ගනු ඇතැයි සඳහන් වේ
කොවිඩ් අවදානම හේතුවෙන් මෙම මස දෙවැනි සතියේ පාර්ලිමේන්තු රැස්වීම් ද දිනකට සීමාවිය . එම රැස්වීම පැවැත්වුණේ පසුගිය 8 වැනිදාය .
කෙසේ වෙතත් ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පිළිබඳ අවසාන තීරණයක් ගැනීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් ලබන 21 වැනිදා සදුදා පැවැත්වීමට නියමිතය .

