ලබන වසරේ වී අළවි මණ්ඩලය හරහා වෙළඳ පොලට සහල් නිකුත් කෙරේ


(නාලක සංජීව දහනායක)

ලබන මාසයේ සිට වී අළවි මණ්ඩලය හරහා වෙළඳ පොලට සහල් නිකුත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් වී අළවි මණ්ඩලයේ සභාපති නීතීඥ උපාලි මොහොට්ටි මහතාට උපදෙස් දී තිබේ.

ඒ අනුව පසුගිය කාලයේදී වී අළවි මණ්ඩලය විසින් මිලදීගත් සහල් බවට පත්කර (පී.එම්.බී.රයිස්) වෙළඳනාමය යටතේ වෙළඳ පොලට නිකුත් කිරීමට නියමිය. එම සහල් සතොස ඇතුළු වෙළඳ සැල්වලින් මිලදී ගැනීමට හැකියාව ඇත.

වෙළඳ පොලේ සහල් මිල ඉහළ යාම පාලනය කර පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම තීරණය ගත් බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.

එමෙන්ම ලබන වසරේ සිට සහල් සඳහා පාලන මිලක් පැනවීමට ජීවන වියදම් කමිටුවට නිර්දේශ ඉදිරිපත් කරන බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.