(රංජන් කස්තුරි)
ඉදිරි 2023 අධ්‍යයන වාර්ෂය සඳහා පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමට රුපියල් කෝටි 1648ක පමණ මුදලක් වැය වෙතැයි අපෙක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව නව අධ්‍යයන වර්ෂයට අවශ්‍ය පාසල් පෙළපොත්වලින් සියයට 45ක පමණ ප්‍රමාණයක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මගින්ද අනෙක් සියයට 55ක ප්‍රමාණය පෞද්ගලික මුද්‍රණකරුවන් හලිව් මුද්‍රණය කිරීමට නියමිත බව ද එම අමාත්‍යංශය කියයි.
පාසල් පෙළ පොත් මුද්‍රණයට අම්‍ය කඩදාසි ඉන්දියානු ණය ආධාර යටතේ ආනායනය කරන බව ද එම අමාත්‍යංශය පවසයි.

