ලපයි- සිපයි වචනය දුරදිග යයි


 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

සභානායකවරයා විසින් විපක්ෂයට ලපයි සිපයි යනුවෙන් ඇමතීම මුල්කර ගනිමින් සභාවේ විවාද තත්ත්වයක් ඇතිවී පවතී.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා;-(සජබ)

විවාදයකදී අයුතු වචන පාවිච්චි කළ මන්ත්‍රීවරයෙකුට එරෙහිව පාර්ලිමේන්තුව විසින් සුදුසු යැයි සලකනු ලබන කවර හෝ ආකාරයකින් කටයුතු කළ හැකි බව ස්ථාවර නියෝග වල සඳහන්ව තිබෙනවා. ඒක නිසා සභා නායකවරයාට ඒ කියපු වචනය ඉල්ලා අස්කර ගන්න කියන්න.

සභානායක නායක බිමල් රත්නායක මහතා:-

ඔබතුමාලා අපට කොච්චර වචන කියන කියනවද?

කථානායක ජගත් වික්‍රමරත්න මහතා:-

ඔබතුමාලා මට කොච්චර පරිභව කරලා තියෙනවාද? මේ පොඩි කාරණාවක් අල්ලගෙන නටන්නේ නැතුව ඉන්න.