ලක්ෂ හයක වතුර ෆිල්ටර් වංචාවක්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

වතුර ෆිල්ටර්  ආනයනය කර බෙදා හැරීමේ කුරුණෑගල ප්‍රදේශයේ ආයතනයට විද්‍යුත් තැපැල් මගින්   වතුර ෆිල්ටර් 50 ක ඇණවුමක් ලබා දී එම තොගය කහතුඩුව අධිවේගී පිවිසුම අසලට රැගෙන ඒමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 6 කට ආසන්න වටිනා වතුර පිල්ටර් තොගයක් වංචා සහගත ලෙස ලබාගැනීමට කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව කහතුඩුව පොලිසිය කියයි.

එම ආයතනය මගින් ප්‍රාදේශීය කළමනාකාරවරයාගේ ජංගම දුරකථන අංකය ද සඳහන් කර පළ කර තිබූ වෙළඳ දැන්වීමක් හරහා     ගාල්ල ප්‍රදේශයේ ශාඛාවකට යැයි පවසා   වතුර ෆිල්ටර් 50 ක ඇණයුමක්  විද්‍යුත් තැපැල් මගින් පුද්ගලයකු ලබාදී පොලිසිය සඳහන් කරයි .

ඇණයුම ලබාදුන් පුද්ගලයාට පැමිණිලිකාර ප්‍රාදේශීය කළමනාකරු විසින් ඒ සඳහා මිල ගණන් ඊමේල් හා  වට්සැප් හරහා යොමු කර තිබූ බව පොලිසිය කියයි.