ලක්ෂ පහක අල්ලස් ගත් තුනක් මාට්ටු


(ගයාන් සූරිය ආරච්චි,ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ආයුර්වේද වෛද්‍ය දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාගේ අනුදැනුම මත පාරම්පරික වෛද්‍යවරියක ලෙස සහතිකයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ පහක අල්ලස් මුදලක් ලබාගත් බව කියන රාජ්‍ය නොවන සංවිධානයක සම්බන්ධීකාරකවරයෙක් ඇතුළු තිදෙනෙක් පෙරේදා 22 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය, නාවලපිටිය සහ පිළිමතලාව යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් තිදෙනෙකි.

පණාමුර ප්‍රදේශයේ පදිංචි පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරියක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූසන චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව සැකකරුවන් තිදෙනා විසින් පැමිණිලිකාරියගෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් ඉල්ලා පසුව එම මුදල ලක්ෂ පහ දක්වා අඩුකර ඇතිි බව විමර්ශන නිලධාරීහු පවසති.