
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය මිරිහාන, පොලිස් වසමේ කළ වැටලීම් දෙකකින් රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනා කේරල ගංජා සමග හිටපු ගුවන් සෙබළෙකු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී කේරල ගංජා කිලෝ දෙකයි ග්‍රෑම්50ක් පොලිසිය භාරයට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා නුගේගොඩ ගුවන් පාලම අසල දී හා නුගේගොඩ කන්දවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

