
(ඉන්දිකා රාමනායක)
රුපියල් ලක්ෂ 90 ට අධික වටිනා රන් ග්‍රෑම් 470 ක ප්‍රමාණයක් හා වාලම්පූරියක් නීති විරෝධි ලෙස ඩිංගි යාත්‍රාවකින් ඉන්දියාවට රැගෙන යාමට තැක් කළ සැකකරුවන් තිදෙනෙකු මන්නාරම පේසාලේ ප්‍රදේශයේ දී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
නාවික හමුදාව පේසාලි කුරුපාඩු ප්‍රදේශයේ සිදුකළ සෝසි මෙහෙයුම් අතරතුර සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් ඊයේ (25) රාත්‍රියේ පරීක්ෂා කිරීමේ දී සැකකරුවන් සමග මෙම රන් අත්අඩංගුවට ගෙන ඇත.


