(ශාන්ත සෙනෙවිරත්න)
මාලිගාවත්ත පොලිස් මාර්ග බාධකයේ දී සැකසහිත වෑන් රථයක් පරීක්ෂා කිරිමේ දී රුපියල් ලක්ෂ 88 ක් පමණ වටිනා විදෙස් මුදල් නෝට්ටු තොගයක් සොයා ගත් බව මාලිගාවත්ත පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.මොවුහු මාලිගාවත්ත සහ කොලොන්නාව පදිංචිකරුවෝ වෙති.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පරස්පර අදහස් ප්‍රකාශ කිරීමෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා රහස් පොලිසියට බාර දී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



