
(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ තිලකරත්න දිසානායක)
රුපියල් ලක්ෂ 80කට විකිණීමට ගෙනා සංරක්ෂිත මුහුදු තල්මසුන්ගේ වමනය, හෙවත් ඇම්බර් යනුවෙන් හදුන්වන කිලෝ 02 ග්‍රෑම් 646 ක් බරින් යුත් කොටස් තුනක් ඒවා ළඟ තබාගත් විශ්‍රාමික ආබාධිත හමුදා සෙබළකු ඇතුළු තිදෙනකු නැදගමුව කෙහෙල්බද්දර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නැදගමුව නාගවනාරාම පාරේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු හා කලගෙඩිහේනේ පදිංචිකරුවන් වන 48 හැවිරිදි විශ්‍රාමික ආබාධිත යුදු හමුදා සෙබළකු හා 29 හැවිරිදි පුද්ගලයෙකි.
ඉහල වටිනාකමින් යුත් ඇම්බර් තොගයක් විකිණීමට ඇති බවට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුනු තොරතුරක් අනුව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් උපාය දූතයකුගේද සහායෙන් වැටලීම තර ඇත.

