ලක්ෂ 50ක කහ සහ විදුලි උපකරණ කල්පිටියෙන් අල්ලයි


 

(පද්මා කුමාරී කංකානම්ගේ)

ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන එමින් තිබූ කහ, විදුලි උපකරණ සහ උපාංග තොගයක් කල්පිටිය කුඩාව වෙරළතීරයේ දී අත්අඩංගුවට ගත් බැව,කල්පිටිය විජය නාවුක හමුදාව පවසයි.

මෙම භාණ්ඩ තොගය සමග ඒවා ප්‍රවාහනයට යොදා ගත් ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් තුන්දෙනකු ද නාවුක හමුදා බාරයට ගෙන ඇත.

අත් අඩංගුවට ගත් විදුලි උපකරන අතර විදුලි අයිතමයන් ගෝණියක්,දැවයෙන් සාදහන ලද කුඩා පෙට්ටි 36ක්,විදුලි පේනු සවිකරණ කවර 26 ක්,ස්වීච් පෙට්ටි 5 ක් ද වන බව නාවුක හමුදාව පවසයි.

අත් අඩංගුවට ගත් කහ තොගයේ දළ වටිනාකම රුපියල් ලක්ෂ 50 කට ආසන්න වන අතර සැකකරුවන් කන්දකුලිය පදිංචි වයස අවුරුදු 27,32,සහ 33 අතර අයවලුන් වෙති.

නඩු භාණ්ඩ සහ සැකකරුවන්  කටුනායක ශ්‍රී ලංකා රේගු උප කාර්‍යාලය වෙත භාර දීමට නියමිතය.