(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ හතරක් වටිනා කේරළ ගංජා තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු නිලම්මහර ප්‍රදේශයේදී අද(27) අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි.
සැකකරුවන් සතුව තිබී කේරළ ගංජා කිලෝ දෙකක ප්‍රමාණයක් සොයාගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පාමංකඩ හා ටොරිංටන් යන ප්‍රදේශවල පදිංචි 52 සහ 27 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.
සැකකටයුතු පුද්ගලයන් දෙදෙනෙකු යතුරුපැදියකින් මහරගම සිට බොරලැස්ගමුවට පැමිණෙන බවට බොරලැස්ගමුව පොලිසිය ලද තොරතුරකට අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් දෙදෙනා කිසියම් පුද්ගලයකුට මෙම ගංජා ලබාදීමට රැගෙන එන්නට ඇති බවට සැකකරන බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
සැකකරුවන් දෙදෙනා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


