ලක්ෂ 4 ක හෂීස් එක්ක කාන්තාවෝ දෙදෙනෙක් මාට්ටු


(දිලංගා ගෝමස්)

රුපියල් ලක්ෂ හතරක වටිනාකමින් යුත් හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක් සමග කාන්තාවන් දෙදෙනෙකු අද (29) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය පවසයි.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගන්නා ලද සැකකාරියන් දෙදෙනා වයස අවුරුදු 37 සහ 40 යන වයස්වල පසුවන ගල්කිස්ස ශ්‍රී ධර්මාරාම පාරේ පදිංචිකාරියන්ය.

  සැකකාරියන් දෙදෙනා විසින්  ගල්කිස්ස, රත්මලාන, අඟුලාන ,මොරටුව යන  ප්‍රදේශවලට  අලෙවි කිරීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ හෂීස් ‍ මත්ද්‍රව්‍යය පිලයන්දල සිට රැගෙන එන බවට කරුණු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි .

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතා ඇතුළු නිලධාරී කණ්ඩායම විසින් මෙම වැටලීම සිදුකර ඇත.