ලක්ෂ 300 ක ජීප් රථය ලක්ෂ 30 කට උකස් කරලා


(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ට අයත් රුපියල් ලක්ෂ 300 ක් පමණ වටිනා ලෑන්ඩ් කූශර් වි එයිට් වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය  රුපියල් ලක්ෂ 30කට උකස් තැබූ නුගේගොඩ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි 

 එම ජීප් රථය ද පොලිස් භාරයට ගෙන ඇත. මාසිකව රුපියල් දෙලක්ෂ 80000 මුදලක් ලබා දෙන බවට පොරොන්දු වීමෙන් අනතුරුව කොල්ලුපිටිය ප්‍රදේශයේ වාහන කුලී පදනම මත ලබා දෙන ස්ථානයකට ලබාදුන් සුඛෝපභෝගී ජීප් රථය අස්ථානගත කර ඇතැයි රාජගිරිය ප්‍රදේශයේ මෘදුකාංග ව්‍යාපාරිකයකු පැමිණිල්ලක් කර තිබු බව පොලිසිය කියයි

එම පැමිණිල්ල අනුව වහා ක්‍රියාත්මක වූ බස්නාහිර පලාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්  කොල්ලුපිටිය ප්‍රදේශයේ වාහන කුලී පදනම මත ලබා දෙන  පුද්ගලයා සොයා පරීක්ෂණ පැවැත්වීමේදී ඔහු ප්‍රදේශය අත්හැර පලා ගොස් තිබූ අතර  වාහන සවිකර තිබූ ජී පි එස් තාක්ෂණය ඔස්සේ සිදුකළ විමර්ශනවලදී එය  සෙල්ල කතරගම ප්‍රදේශයේ   තිබෙන බවට අනාවරණ කර ගැනීමට පොලිසියට හැකි වී තිබිණි.

ඒ අනුව පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් සෙල්ල කතර ගමට ගොස් අදාල ජීප් රථය සමග එය පැදවූ රියැදුරු පොලිස් භාරයට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී නුගේගොඩ ප්‍රදේශයේ වාහන අලෙවි කරන ස්ථානයක ව්‍යාපාරිකයෙකු  දෙමටගොඩ සිය ආයතනය වෙත පැමිණ මෝටර් රථ පැවරීමේ පෝරමයක් සමඟ වාහනය ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 30 කට උකස් තැබූ බවට අනාවරණය වූ බව පොලිසිය කියයි

එම පුද්ගලයාගේ ප්‍රකාශ මත සුඛෝපභෝගී ජීප් රථයේ උගස් තැබූ බව කියන නුගේගොඩ වාහන අලෙවි ස්ථානයේ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය

බස්නාහිර පළාත පාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්,නියෝජ්‍ය පොලිස්පති අපරාධ සරත්  කුමාර , බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ  ජේෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර ,ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ,පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර පොලිස් සැරයන්වරුන් වන 40248 ප්‍රසන්න ,69598 අනිල් ,72979 චමින්ද ,පොලිස් කොස්තාපල්වරුන් වන 72338  ලලන්ත 84762 කුමාර මහත්තුරු පරීක්ෂණ පවත්වයි .