ලක්ෂ 12 මත්කුඩු අයෙක් අත්අඩංගුවට


(චන්ද්‍රසේන ගමගේ)

අම්බලන්තොට ප්‍රදේශයේ මත් කුඩු අළෙවි කරනු ලබන ප්‍රධාන පෙලේ ජාවාරම්කරුවෙකු අද (9) අත් අඩංගුවට අම්බලන්තොට පොලීසිය පවසයි.

අත්අඩංගුවට සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 12 ක් පමණ වටිනා මත්කුඩු ග්‍රෑම් 11 ක් ද පොලීසිය විසින් සොයා ගෙන ඇත.

පොලිස් බුද්ධි අංශයට ලැබී තිබූ තොරතුරකට අනුව මෙම වැටලීම අම්බලන්තොට රෝටවල ප්‍රදේශයේදී සිදුකර තිබේ.  

අත්අඩංගුවට පත් සැකකරු අම්බලන්තොට රෝටවල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකි.