( සමන් පාලිත නානායක්කාර )
හපුතලේ තේ කම්හලක දී ව්‍යාජ නාමයක් භාවිතා කර අලෙවි කිරීමට තබා ගත් රුපියල් එකොළොස් ලක්ෂ හැට හතර දහසක් වටිනා තේ කුඩු තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද (14 )සැකපිට අත්අඩංගුවට ගත් බව හපුතලේ පොලීසිය කියයි.
හපුතලේ පොලීසියට ලැබුණු තොරතුරකට අනුව රුපියල් එකොළොස් ලක්ෂ හැට හතර දහස් හත්සිය පනස් හයක් වටිනා තේ කුඩු තොගය, වංචා කිරීම සාපරාධී පරිහරණය යන චෝදනා මත සැකකරුවන් දෙදෙනා සමග අත්අඩංගුවට ගෙන ඇත .
විවිධ වර්ගයේ තේ කොළ සඳහා ව්‍යාජ ලේබල් අලවා තිබූ බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මස්කෙළිය පදිංචි හතළිස් එක් හැවිරිදි පුද්ගලයෙකු සහ නිවිතිගල පදිංචි තිස් හැවිරිදි පුද්ගලයෙකු ද වන බව පොලිසිය කියයි.
සැකකරුවන් අද 14 දින බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
හපුතලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර දයාරත්න මහතා ගේ මූලිකත්වයෙන් මෙම වැටලීම සිදු කළහ.

