(බිමල් ශ්‍යාමන් ජයසිංහ )විදේශගතව සැඟව සිටින අපරාධකරුවෙකු වන දිප්පිටිගොඩ ශක්ති නමැත්තා කාන්තාවක් බියකර මරණීය තර්ජනය කර රුපියල් ලක්ෂ දහයක කප්පම් මුදලක් ලබා ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අපරාධකරුගේ සමීපතමයන් දෙදෙනෙකු බව පොලිසිය කියයි.තීරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.ඉකුත් 4 වෙනි දින කැලණිය දිප්පිටිගොඩ ප්‍රදේශයේ කාන්තාවකගෙන් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින අපරාධකරුවකු වන දිප්පිටිගොඩ ශක්ති නැමැත්තා පුද්ගලයින් යොදවා ගනිමින් දුරකථනයෙන් මරණ තර්ජනය එල්ල කර බිය ගන්වා රුපියල් ලක්ෂ දහයක කප්පම් වශයෙන් ඉල්ලීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
ලක්ෂ 10ක කප්පමක් ගන්න ගිහින් පොලීසියට කොටුවෙයි
Recommended Articles