ලක්වනිතා පෙරමුණ පාර්ලිමේන්තු වටරවුමේදී විරෝධතාවක


(නිමල කොඩිතුවක්කු)

ජීවන වියදම ඉහළ යාම, ගෑස් හිඟය, ඉන්ධන හිඟය, විදුලි කප්පාදුව ඇතුළු  කාන්තාවන් මුහුන දෙන ගැටළු මුල්කරගනිමින් එක්සත් ලක්වනිතා පෙරමුණ පාර්ලිමේන්තු වටරවුමේදී අද 8) විරෝධතාවක නිරත වූහ.

ජත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් සංවිධානය කර තිබූ මෙම විරෝධතාවය අතරතුර පිරිස පා ගමනකද නිරත විය.

මේ සදහා එක්සත් ලක්වනිතා පෙරමුනේ සභාපති ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය  ඇතුළු කාන්තාවන් විශාල පිරිසක් එක්ව සිටියහ.

පිරිස විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් පැයකට ආසන්න කාලයක් එහි රැඳීසිටිමින් විරෝධතාවයේ නිරත විය.

මොල හතානෝ වැඩ බිරිනම් ගෙදර යන්න, ජනපති මරනින්දේ අපේ  දරුවො බඩගින්නෙ, ගෘහ මූලික කාන්තාවන්ට සහනයක් නැද්ද, හොදට තිබුණ රටක් දැන් වැටිච්ච තැනක්, ඡන්දය දුන් හැට නම ලක්ෂයෙන් හතරින් තුනක් පෝලිම්වල, පාලකයින් නැති රටක ආණ්ඩුවක් කුමකටද, ළමා හා කාන්තා අමාත්‍යාංශය නැවත    ආදී විරෝධතාපුවරු ප්‍රදර්ශනය කරමින් පිරිස විරෝධතාවේ නිරත වූහ.

විරෝධතාවය හේතුවෙන් ඒ අවට මාර්ගවල රථවාහන තදබදයක්ද ඇතිවිය.

(ඡායාරූප: ඩික්සන් වසන්ත)