
(රංජන් ක්ස්තුරි සහ යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කිරීම තවදුරටත් කල්දැමීමට සිදුව ඇතැයි එම මණ්ඩල ආරංචි මාර්ග කියයි.
තාක්ෂණික ගැටලු, වෘත්තීය සමිතිවල කඹ ඇඳීම, ජාතික විදුලි ගාස්තු ප්‍රතිපත්තිය ඇතුළත් ජාතික විදුලි බල ප්‍රතිපත්තිය සකස් කර ඊට කැබිනට් අනුමැතිය ලබගත යුතු වීම, මණ්ඩලයේ සියලු දේපළවල මූලික තක්සේරු වාර්තා ලබා ගැනීම සහ වෙනත් ගැටලු හේතුවෙන් එම මණ්ඩලය අහෝසි කිරීම දැනටමත් ප්‍රමාද වී ඇති බව ද එම ආරංචි මාර්ග කියයි.

