(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ඉන්දියාවෙන් බස් රථ 500 ක් මිලදී ගැනීමට මුල් ඇස්තමේන්තුගත වටිනාකමට වඩා වැඩි මුදලක් වැය කිරීමෙන් මණ්ඩලයට 2023 වර්ෂයේදී රුපියල් කෝටි 301 කට වැඩි මුදලක් පාඩුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
ඒ අනුව එම සෑම බස් රථයකටම වැඩිපුර ගෙවා ඇති මුදල රුපියල් ලක්ෂ හැට දෙකක් පමණ බවද එම වාර්තාව සඳහන් කරයි.
මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති ලංකා ගමනාගමන මණ්ඩලයට අදාල තොරතුරු ලේඛනයේය.