(නිමල කොඩිතුවක්කු)
කොරෝනා වසංගතයේ ව්‍යාප්තියත් සමග සංචරණ සීමා පැනවීම හේතුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ආදායම දිනකට රුපියල් කෝටි අටකින් පමණ අහිමි වී ඇතැයි එහි නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (ධාවන) ඒ. එච් පණ්ඩුක මහතා පැවැසීය.
මේ වන විට ලංගම බස් බස් රථ හයදහසෙන් ධාවනයට එක් කර ඇත්තේ අත්‍යවශ්‍ය සේවා සඳහා ලබාදී ඇති බස්රථ තුන්සිය හතලිස් දෙකක් පමණක් බවත් ඔහු සඳහන් කළේය.
කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය වසරේ මාර්තු මාසයේ සිට ලංගම ආදායමට දැඩි බලපෑම් එල්ල වූ බවත් ඔහු පැවසීය.

