(මහින්ද නිශ්ශංක)
ශ්‍රී ලංගම ජාතික සේවක සංගමය මගින් ආරම්භ කර තිබූ ලංගම බස් රථ වර්ජනය අද (13) පස්වරුවේ සිට අත් හිටුවීමට තීරණය කළ බව ජාතික සේවක සංගමයේ නියෝජ්‍ය සභාපති සහ මාධ්‍ය ලේකම් සුනිල් ද සිල්වා මහතා පැවැසීය.
ඉකුත් 11 වැනිදා ආරම්භ කළ මෙම වැඩ වර්ජනය සම්බන්ධව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව නියෝජ්‍ය සභාපතිවරයා කීය.

