ලංගම බස් ධාවනය


(යොහාන් භාසුර)

ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) බස් රථ සාමාන්‍ය පරිදි හෙට (6) දිනයේ ධාවනයේ යෙදවීමට සූදානමින් සිටින බව ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසීය.

ලංගම බස් රථ 5700 ක් පමණ දිනකට සාමාන්‍යයෙන් ධාවනය කරන බවත් එම බස් රථ ප්‍රමාණයම හෙට දිනයේ ද ධාවනය කිරීමට සූදානමින් සිටින බවත් ස්වර්ණහංස මහතා කීය.

ලංගම සේවකයන් හර්තාලයට සහභාගි වන්නේ යැයි අද පස්වරුව දක්වා දැනුවත් කරනොමැති බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.