ලංගම බස් දේශපාලන වැඩට නොදෙන්න’යි ප්‍රවාහන ඇමැතිගෙන් උපදෙස්


 
(ඩයනා උදයංගනී)

            
දේශපාලන කටයුතු සහා නොමිලයේ ලංගම බස්රථ ලබානොදෙන ලෙස ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට තමන් උපදෙස් දී ඇතැයි ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.


ඕනෑම අයෙකුට මුදල් ගෙවා එම බස්රථ ලබාගත හැකි බව ද ඇමැතිවරයා කීය.


එමෙන්ම කිසිම පොදු දේපලක් දේශපාලන කටයුතුවලට යොදා නොගන්නැයි තමන් සියලූ දේශපාලන පක්‍ෂවලින් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා සඳහන් කළේය.


පසුගිය වසර තුනක කාලයක් තිස්සේ මූල්‍ය වශයෙන් වර්ධනයක් ලැබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තුළට නැවත දේශපාලනය සම්බන්ධ කරගෙන යළිත් එය අගාධය කරා ගෙන නොයන ලෙස තමන් එම මණ්ඩල සේවකයින්ගෙන් ඉල්ලා සිටින බව ද ඇමැතිවරයා කීවේය.