ලංකාවේ සියලු නීතිඥවරුන් උසාවි එන දවසක්


 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව මැතිවරණ කල් දමා මර්දනය ඇති කරන්න කටයුතු කරනවා නම් එදිනට ලංකාවේ සිටින සියලුම නීතිඥ මහත්වරුන් උසාවියට එන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ආණ්ඩුව තාමත් හොඳ පාඩමක් ඉගෙන ගෙන නැති බවද කිරිඇල්ල මහතා කීය.

ආණ්ඩුව හදිසියේම ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමට කටයුතු කරන්නේ  ආණ්ඩුවට අවනත නිලධාරීන් එම කමිටු වලට පත්කොට මැතිවරණ කල්දැමීමේ අරමුණින් බව ඉතා පැහැදිලි යැයිද නමුත් විපක්ෂය ඊට  කිසිසේත් ඉඩ නොතබන බව ද කිරිඇල්ල මහතා කීය.

අධිකරණ විෂය බාර අමාත්‍යවරයා ස්වාධීන කොමිෂන් පිලිබඳව කතාකරන බවද අපි ඒ ගැන කතා කලේ 2019දී බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

ස්වාධීන කොමිෂන්  පත් කළ යුතු නමුත් මැතිවරණ කොමිසමට දමා මැතිවරණය කල් දාන්න නොහැකි බව කී කිරිඇල්ල මහතා මැතිවරණ කල් දමන්නට ලෑස්ති වුවහොත් ඊට ඉඩ තියන්නේ නැති බවද කීය.