(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ සිට ජාවාරම් කළ රත්තරන් බිස්කට් කිලෝ ග්‍රෑම් 14.8 ක් අත් අඩංගුවට ගැනීමට ඉන්දියාවේ රාමනාතපුරම් රේගු නිලධාරීන් සමත්වී ඇත.
මෙම රත්තරන් බිස්කට් තොගය ඉන්දීය රුපියල් කෝටි 8.92 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 25 ක් පමණ) ක වටිනාකමකින් යුක්ත බව රේගු නිලධාරීන් පවසා තිබේ.
මෙම රත්තරන් බිස්කට් තොගය මන්නාරමේ සිට පෝක් සමුද්‍ර සන්දිය ඔස්සේ බෝට්ටුවක් මගින් රාමනාතපුරම් වෙත රැගෙනවිත් ඇතැයි රේගු නිලධාරීන් ප්‍රකාශ කර ඇත.
මෙම ජාවාරමට සම්බන්ධ යැයි සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව රේගු නිලධාරීන් පෙන්වා දී තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ශ්‍රී ලාංකික ජාතිකයකු බවත් අනෙක් සැකකරු ඉන්දීය ජාතිකයකු බවත් රේගු නිලධාරීන් ප්‍රකාශ කර ඇත.රත්තරන් තොගය යතුරු පැදියක සඟවා ගෙන රැගෙන යන අවස්ථාවේදී ඉන්දීය ජාතික සැකකරු සමඟ එම යතුරු පදිය රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත.

