ලංකා සතොස බඩු මිල බහී


(යොහාන් භාසුර)

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 3 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.

එම භාණ්ඩ අඩු කළ මිලට හෙට (7) සිට ලංකා සතොස අළෙවිසැල්වලින් මිලදී ගත හැකි බව ද සතොස පවසයි.

ලොකු ලූණු කිලෝවක් රුපියල් 22 කින්, පාන් පිටි කිලෝවක් රුපියල් 10 කින් සහ ටින් මාළු (ග්‍රෑම් 425) ටින් එකක් රුපියල් 30 කින් අඩු කළ බව ද සතොස කීය.

ඒ අනුව ලොකු ලූණු කිලෝවක් රුපියල් 97 කට, පාන් පිටි කිලෝවක් රුපියල් 225 කට සහ ටින් මාළු (ග්‍රෑම් 425) ටින් එකක් රුපියල් 490 කට  මිලදී ගත හැකි බව ද සතොස සදඟන් කරයි.