
(අංජුල මහික වීරරත්න)
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) ශ්‍රී ලංකාවේ වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය (TPR) සහ එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය පිළිබඳ 16 වන සැසි වාරය (UNCTAD XVI) සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස සහභාගී වෙති.
මෙම 15 වන දින සිට 20 දක්වා මෙම සැසිය පැවැත්වේ.
නව රජය බලයට පත් වීමෙන් පසු පැවැත්වෙන පළමු වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය මෙය වන අතර WTO යටතේ ඇති සාමාජික රටවල වෙළෙඳ ප්‍රතිපත්ති රාමු පිළිබඳව සාකච්ඡා කිරීම හා ඒවායේ විනිවිදභාවය තහවුරු කිරීම මෙහිදී සිදු වේ.
ශ්‍රී ලංකාවේ වෙළෙඳ හා ප්‍රතිපත්ති ප්‍රගතිය පිළිබඳව WTO සාමාජිකයින් සමඟ සාකච්ඡා කරනු ලබන මෙම සමාලෝචන සැසිවල මුලසුන ලංකා වෙළෙඳ අමාත්‍යවරයා විසින් දරනු ලැබේ.
ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රකෘතිය සහ අපනයන වර්ධනය කෙරෙහි අවධානය යොමු කරන තීරණාත්මක අවස්ථාවක මෙම වත්මන් සමාලෝචනය සිදු වීම ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය, ධනාත්මක වර්ධනයන් සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති පැහැදිලි කිරීමට වැදගත් අවස්ථාවක් බව වෙළෙඳ අමාත්‍යංශය කියයි.
මෙම සංචාරය අතරතුර අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ වෙළෙඳාම සහ සංවර්ධනය පිළිබඳ සමුළුවේ 16 වන සැසි වාරයේ (UNCTAD XVI) අමාත්‍ය සමුළුවට ද සහභාගී වීමට නියමිතය.

