ලංකා-කොරියා සරසවි ගිවිසුමක්


(අංජුල මහික වීරරත්න)

අධ්‍යාපන සහයෝගීතාව සඳහා කොළඹ විශ්ව විද්‍යාලය සහ කොරියා ජන රජයේ ජාතික කොරියා සමුද්‍රීය හා සාගර විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය නෙමී ඇත.

අධ්‍යාපන සහ ඒකාබද්ධ පර්යේෂණ වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම සහ ඒකාබද්ධව වැඩමුළු හා සම්මන්ත්‍රණ සංවිධාන කිරීම අරමුණු කර ගනිමින් කොළඹ විශ්ව විද්‍යාලය සහ කොරියානු ජනරජයේ ජාතික කොරියානු සමුද්‍රිය හා සාගර විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට සැලසුම් කර ඇත. 

යෝජිත අවබෝධතා ගිවිසුමේ කාර්යයන් මූලිකව කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන, අණුක ජෛවවේද හා ජෛව තාක්ෂණික ආයතනයට අදාළ වන පරිදි ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්වය එකඟ වී ඇත. ඒ අනුව, වසර පහක කාල සීමාවක් සඳහා බලාත්මක වන පරිදි යෝජිත අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ කොළඹ විශ්ව විද්‍යාලය සහ කොරියානු ජන රජයේ ජාතික කොරියානු සමුද්‍රීය හා සාගර විශ්ව විද්‍යාලය අතර අත්සන් තැබීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.