(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විපක්ෂයේ සිට පාලන බලය ඉල්ලන නායකයන් තමා ඉදිරිපත් කරන ප්‍රශ්න කිහිපයකට පැහැදිලි උත්තර දුන්නොත් තම සහය ඔවුන්ට ලබාදෙන බව පොදු ජන පෙරමුණේ පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඔය කියන නායකයන්ට විදුලි බිල අඩු කරන්න හැකියාවක් තියෙනවද?තෙල් මිල අඩු කරන්න පුලුවන්ද?අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කරන්න පුලුවන්ද?ගෑස් මිල අඩු කරන්න පුලුවන්ද?රජයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට බෙහෙත් ලබා දෙන්නේ කෙසේද?උපයන විට බද්ධ අහෝසි කරනවා ද ?ආදායම් බදු වෙනස් කරනවද?
රාජ්‍ය සේවකයාගේ හා පෞද්ගලික අංශයේ පඩි වැඩි කරනවද?වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවාද?මේවා කරන්නේ කොහොමද කියා පැහැදිලි කර දෙන්න.මේ කරුණු ටිකට හරියට උත්තර දුන්නොත් නායකයා කවුරු වුනත් අපත් සහාය පළකර අත උස්සනවා යැයි රෝහිත අබේගුණවර්ධන මහතා කීය.

