
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මේ සභාවේ පසුගිය දිනක ඇතිවූ සංවාදයකදී කළ ප්‍රකාශයකින් සමගි ජන බලවේගයේ රෝහිණි කුමාරි විජේරත්න මහත්මියගේ සිත් රිදීමක් සිදුවූයේ නම් තමා කනගාටුව පළ කරන බව සභානායක අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද(7) පැවසීය.
තමා ඒ ප්‍රකාශය කළේ ඇය ඉලක්කකර නොවන බවද අමාත්‍යවරයා කීවේය. ප්‍රේමජයන්ත මහතා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි. මෙහිදී අදහස් දැක්වූ රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය මෙසේ පැවසුවාය.
මම අද මේ ගැන වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරන්න හිටියා. අද ඒක අයින් කරලා. මෙතුමා ප්‍රකාශයක් කරන්න හිටපු නිසා තමයි මේක අයින් කළේ. මම දැන් අහන්නේ මෙච්චරයි. සභානායක අධ්‍යාපන ඇමති කුණුහරුපාචාර්‍ය සුසිල් ප්‍රේම ජයන්ත කියන මනුස්සයා කරපු කතාව කතානායකතුමා මේ සභාව
පිළිගන්නවද. ඒක හැන්සාඩ් වාර්තා ඉවත් කරනවද. එවැනි වචන පාර්ලිමේන්තුවේ පාවිච්චි කළාට කමක් නැද්ද. මොකද හෙට කාන්තා දිනය. ඔබතුමාලා ඒ කාන්තා දින සමරන්න යනවා. කාන්තාවක් කතා කරනකොට ස්ත්‍රී නිමිත්තක් ඇදලා මලද මල්ද කියනවා. මෙතුමා ආචාර්ය උපාධිය කළේ ඒ නිමිත්ත ගැනද දන්නෙ නෑ.

