රෝහල් ⁣ඖෂධ ගබඩාවේ ගින්න පාලනය කරයි


( පුෂ්පකුමාර ජයරත්න )

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඖෂධ ගබඩාවේ අද පෙරවරු 11.00 ට පමණ හටගත් ගින්න මේවනවිට නිවා දැමීමට හැකියාව ලැබී ඇත.

ගින්නෙන් ඖෂධ ගබඩාවේ බිම් මහලේ සහ පළමුවැනි තට්ටුවේ ගබඩා කර තිබූ ඖෂධ වලින් කොටසකට හානි සිදුව ඇති බව වාර්තා වේ.




මෙම ගින්නට හේතුව අනාවරණය වී නැත . කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය සහ පොලීසිය එක්ව ගින්නට හේතුව අනාවරණය කර ගැනීම සඳහා පරීක්ෂණ පවත්වයි.


  රෝහල් කාර්ය මණ්ඩලය සමග එක්ව කුරුණෑගල මහා නගර සභාවේ ගිනි නිවීම් ඒකකය , කුරුණෑගල පොලීසිය , යුද හමුදාව එක්ව ගින්න පැතිරයාම පාලනය කිරීමට සමත් වූහ .

ගින්නෙන් රෝහල් කාර්ය මණ්ඩලයේ කිසිවෙකුටත් හානියක් සිදුව නැති බවද කියයි .