
(අංජුල මහික වීරරත්න)
රෝහල් පද්ධතියේ භෞතික සම්පත් ඉහළ නැංවීම සඳහා අති නවීන තාක්ෂණයෙන් යුත් ගිලන් රථ 20ක් රජයේ රෝහල් වෙත බෙදා දීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී අද දින (25) සිදු කෙරිණි.
ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වය මත සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අනුග්‍රහයෙන් මධ්‍යම රජයේ සහ පළාත් සභාව යටතේ පාලනය වන රෝහල් සදහා බෙදාදෙන ලද මෙම එක් ගිලන් රථයක වටිනාකම රුපියල් ලක්ෂ 257කට අධික වේ.
මෙම නව ගිලන් රථ තුළ අති නවීන පහසුකම් රැසක් පවතින අතර රෝගීයා වෙනත් රෝහලක් කරා ගෙනයන අතරතුර ද ප්‍රතිකාර රැසක් එමඟින් සිදු කිරීමේ හැකියාව පවතී.
ඇඹිලිපිටිය, නාවලපිටිය, මාතලේ, මීගමුව, ත්‍රිකුණාමලය, නුවරඑළිය, හලාවත, මොණරාගල, දඹුල්ල, හොරණ, යන දිස්ත්‍රික් මහ රෝහල් දහය සඳහා ද පොළොන්නරුව, මඩකළපුව, බදුල්ල, අනුරාධපුර යන ශික්ෂණ රෝහල් සඳහා ද පොතුවිල්, කන්තලේ, අක්කරෙයිපත්තුව, දෙහිඅත්තකන්ඩිය, යන මූලික රෝහල් සඳහා ද අම්පාර මහ රෝහලට සහ සීගිරිය රෝහලට ද මෙම අති නවීන ගිලන් රථ 20 බෙදා දෙන ලදී.



