රෝගී තොරතුරු ඇතුළත් දත්ත ගබඩාවක්


 

(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 35ට වැඩි පුද්ගලයන් වෛද්‍ය පරීක්ෂාවට ලක්කර ඔවුන්ගේ සෞඛ්‍ය දත්ත පද්ධතියකට එක්කර තිබෙන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර  බණ්ඩාර මහතා පවසයි. 

දිවයිනේ රෝහල් 600 සුවදිවි සායනවලට පැමිණ රෝගීන්ගේ තොරතුරු එලෙස එක දත්ත ගබඩාවකට  එක්කර තිබෙන බව ද ජයසුන්දර මහතා කීය.

විශේෂයෙන් බෝ නෙවන රෝග පිළිබඳව එම රෝගීන්ගේ තොරතුරු එම පද්ධතියට ඇතුළත් බව තිබෙන හෙයින් ඔවුන් දිවයිනේ ඕනෑම  රොහලකට  ඇතුළත් කළ  පසුව ඔහුගේ රෝග ඉතිහාසය වෛද්‍යවරුන්ට පහසුවෙන් දැනගත හැකි වන බව ද ජයසුන්දර මහතා කීය.