
(ගයාන් සූරියආරච්චි)
රොබෝ තාක්ෂණික ඉංජිනේරු රඛිත බ්‍රිෙටා් විසින් නැනෝ තාක්ෂණය උපයෝගීකරගනිමින් පරිසර හිතකාමී ලී සෙල්ලම් බඩු නිපදවා තිබේ.
ටොන් ගණනින් ප්ලාස්ටික් සෙල්ලම් බඩු වෙළෙදපොළට නිකුත් කෙරන වාතාවරණයක් යටතේ පරිසරයට හිතකර ලෙස දරුවන්ගේ සෙල්ලම් බඩු නිපදවීමට රඛිත පෙළැඹිණි. මෙම සෙල්ලම්බඩුවල ඇති සුවිශේෂීත්වය නම් කාලයක් යනතුරු දිලීර ආසාදනය නොවීමය.
ඒ පිළිබදව අදහස් දක්වමින් රඛිත අදහස් පළ කළේය.
‘අද පවතින ඉහළ තාක්ෂණික දැනුමත් සමග ලී සෙල්ලම් බඩු තරමක් පරණ යල්පැණ ගිය එකක් යැයි සිතෙන්නට පුළුවන්. එහෙත් කොතරම් තාක්ෂණික සෙල්ලම් බඩු සමාජයේ තිබ්බත් ඒවායින් දරුවන්ගේ මනස වර්ධනයට උපකාරි වන්නේ අල්ප වශයෙනි. ඊට හේතුව එවායින් සරල සංකල්ප ඉදිරිපත් නොවීමයි.
ලී සෙල්ලම් බඩු වලින් දරුවාට සහ පරිසරයට ලැබෙන ආරක්ෂාව කියා නිම කරන්න බැහැ. මිලියන ටොන් ගණන්වලින් ප්ලාස්ටික් සෙල්ලම්බඩු පරිසරයට මුදා හැරෙනවා. එයින් ඇතිවෙන මයික්‍රෝ ප්ලාස්ටික් ප්‍රමාණය ද පරිසරයට විශාල ගැටලුවක් වෙලා තියෙනවා .
මෙම ලී සෙල්ලම් බඩු කල් පවතින ඒවා වන අතර, කිසිදු බැටරි හෝ විදුලි බුබුළු අවශ්‍ය වෙන්නේ නෑ. ලී සෙල්ලම් බඩු දරුවාගේ වයසට හා රුචිකත්වයට ගැලපෙන පරිදි සකස් කරන්න පුළුවන්. ලී බඩුවල දිලීර ඇතිවීම ලොකු ප්රීශ්නයක් වන අතර අපි නැනෝ තා ක්ෂණය භා විත කරමින් දිලීර ඇතිවීම වළක්වාලමින් ලී සෙල්ලම් බඩුවලට ආරක්ෂාවක් ලබා දී තිබේ. එමෙන්ම පාරජම්වබූල කිරණවලින් ආරක්ෂාව , දුර්වර්ණවීම වැළැක්වීම ,ජල අංශු විකර්ෂණය නැනෝ තාක්ෂණය මගින් ලබා දී තිබෙනවා.‘ යැයි රඛිත පැවැසීය.


