
( ඩී.ජී.සුගතපාල)
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් බවට සැක රේල් පිලි කොටස් 132ක් සහ ඒවා ප්‍රවාහනයට යොදාගත් ලොරි රථයක් සමග සැකකරුවෙක් වැලිගම පොලිසිය විසින් අද අත් අඩංගුවට ගත් බව දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි
මෙසේ අත් අංගුවට ගෙන ඇත්තේ අහංගම මිදිගම පදිංචි පුද්ගලයෙකි.
දුම්රිය ආරක්ෂක හමුදාවේ මාතර දුම්රිය ස්ථානයේ කාර්යාලයට ලැබුණ තොරතුරක් අනුව රේල්පිලි කොටස් 132ක්ද ඒවා ප්‍රවාහනයට යොදාගෙන ඇති ලොරියක්ද සමඟ සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ පුධාන කාර්යාලය දැනුවත් කර ඇති අතර විශේෂඥ කණ්ඩායමක් පැමිණ ඒවා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඒවාද යන්න පිළිබඳව වාර්තාවක් ලබා දිමට නියමිතව ඇත.

