රේගුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියට වෙන තනතුරක් ලැබෙන ලකුණු


(රංජන් කස්තුරි)
 
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සහ හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් පී එල් එස් චාල්ස් මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් හෙට (05 ) කොළඹ මුදල් අමාත්‍යංශයේදී පැවැත්වීමට නියමිතය.
 

එම සාකච්ඡාවේදී හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය පත් කරන ලෙස ඉල්ලා රේගු වෘත්තීය සමිති ක්‍රියාත්මක කරන වැඩවර්ජනයට විසඳුමක් ලැබෙනු ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
 
කෙසේ වෙතත් චාල්ස් මහත්මියට කිසිසේත් නැවත රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරය ලබා දීමක් ගැන එහිදී සාකච්ඡා නොවනු ඇති බව ද ඇයට මහා භාණ්ඩාගාරයේ ඉහළ තනතුරක් ලබා දීමට එහිදී මුදල් අමාත්‍යවරයා යෝජනා කරනු ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.